
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ රෝහල් හතක විදුලි බිල් සඳහා වන රුපියල් මිලියන 160ක හිඟ මුදල පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.
මෙම නොගෙවූ බිල්පත් පියවීම සඳහා භාණ්ඩාගාරය සමඟ එක්ව ගෙවීම් කාලසටහනක් සකස් කිරීමට විදුලිබල මණ්ඩලය සහ විගණකාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගත් බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර ඇත.
ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ රුපියල් මිලියන 120කට වඩා වැඩි ප්‍රමාණයක් ද, කාසල් වීදියේ කාන්තා රෝහලේ රුපියල් මිලියන 40ක් ද ගෙවීමට එකඟවී ඇත.
ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහල, ද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය, ජාතික අක්ෂි රෝහල යන රෝහල්වල විදුලි බිල්ද ගෙවීමට නියමිතව ඇත.
ඉහත කී රජයේ රෝහල් සඳහා මේ දැනට විදුලිය විසන්ධි නොවන බවත්, මාස තුනක හිඟ මුදල් ඉදිරි මාස දෙක තුළ ගෙවන බවට එකඟතාව පළ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.
එමෙන්ම කොළඹ ජාතික රෝහල සඳහා නොගෙවූ විදුලි බිල්පත් පියවා ගැනීමට රුපියල් මිලියන 120ක් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart