
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබිණි.
ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 2 වැනිදා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 10ක් පමණ ප්‍රකාශ ලබාගැනීමෙන් පසු එදින ඔහු අත්අඩංගුවට ගැනිණි.
පසුව අවස්ථා කිහිපයකදීම ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ අතර මෙම ඇප ඉල්ලීම් ඉදිරිපත් වුයේ ඒ අතරතුරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart