
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වගකීම්වලින් පළායනවා වෙනුවට අභියෝගවලට මුහුණදෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
“වගකීම්වලින් පළානොයන බවට මම පොරොන්දු වෙනවා. එහෙම කාලයක් තිබුණා. නමුත් අපි අභියෝගවලට මුහුණදීලා මේ රටේ ජනතාවට සේවය කරනවා”.
තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට පාර්ලිමේන්තුවේදී මුහුණදීමට සූදානම් බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව පිළිබඳව තම පක්ෂය සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර ඇත.
ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සහ එම ක්‍රියාවලියට සම්බන්ධ යැයි කියන අපචාර සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට බොහෝ විවේචන එල්ල වී තිබේ.
වෛද්‍ය නොසැළකිල්ල වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ද ඔහු විවේචනයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart