
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
අධිකරණය මෙම අවසරය ලබා දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශනයට අදාළව රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අදාළ රාජ්‍ය බැංකුවට නියෝගයක්ද නිකුත් කළේය.
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනකු සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර, ඊට අදාළව පසුගිය අප්‍රේල් 30 වැනිදා වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම විසිදෙදෙනා තෝරාගෙන ඇත්තේ අරමුදල් අවභාවිත කළ බවට තොරතුරු ලැබුණු 36 දෙනකු පිළිබඳව කළ විමර්ශනයකින් පසුව වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart