
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 01 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය.
නඩුව අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කර තිබේ.
නඩු විභාගය සඳහා වීත්තිකරුවන් විසින් කලින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේදී පැමිණිල්ල විසින් භාර දෙන ලදී.
අමතර ලියකියවිලි අවශ්‍ය නම් සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරිය විත්තිකරුවන්ට තවදුරටත් නියෝග කළ අතර නඩුව ඔක්තෝබර් 01 වැනිදා නැවත කැඳවීමට නියම කළාය.
චෝදනා පත්‍රයට අනුව, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියදී 2020 අගෝස්තු 13 සිට 2024 ජුනි 24 දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීමෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදු කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමලී රඹුක්වැල්ල සහ අමාලි නයනිකා රඹුක්වැල්ලට මෙන්ම ඔහුගේ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණියට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart