
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස වර්තමාන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වන වෛද්‍ය රමේෂ් පතිරණ පත්කෙරෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 30 වැනි දා ජනාධිපතිවරයා වෙත යොමුකෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා පසුගිය සතියේ කියුබාවේ සහ අමෙරිකාවේ සිදුකළ සංචාරයන්ට ප්‍රථම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම්දුන් බව පැවැසේ.
මේ අතර තවත් කැබිනට් ඇමැති ධූර කිහිපයකද වෙනසක් සිදුවනු ඇති බවටද රාවයක් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart