
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සහතිකවී තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතනවල සේවාවන් ගමට රැගෙන යෑමේ අරමුණින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අතරතුරදී ඇමැතිවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් විය.
සබරගමු පළාතේ වැඩිම ජනතාවක් විදේශ රැකියාවල නිරතවී සිටින දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නොමැතිවීම දැඩි අඩුපාඩුවක් බව සඳහන් කරමින් කෑගල්ල දිස්ත්‍රික් විගමිනක කමිටුව විසින් මෙලෙස ඇමැතිවරයා වෙත සිය ඉල්ලීම ඇතුළත් ලිපියක් භාරදෙනු ලැබීය.
ඉකුත් දෙසැම්බර් මාසයේදී දරුවන්ගේ ඉල්ලීමකට අවධානය යොමුකරමින් මෙම වසරේ මුල් දින හත තුළ නුවර එළිය දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගැනීමටද මෙහිදී කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සිය ප්‍රසාදය පළකර තිබූ අතර, එලෙසම තමන්ගේ ඉල්ලීමට කඩිනමින් පිළිතුරක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, තමන් කඩිනමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වු ඇමැතිවරයා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart