
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහැර ආරම්භ කිරීමට ආසන්නව තිබියදී, කාවඩි නර්තන කණ්ඩායමක සිටි පුද්ගලයන් තිදෙනකු ගංජා සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව, මීගමුව ප්‍රදේශයේ සිට කාවඩි නර්තනය සඳහා පැමිණ සිටි කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර, සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පසුගිය දිනවල දෙවිනුවර දේවාලයේ කාවඩි පෙරහැර සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සහ අශෝභන ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කිහිපයක් ඉවත් කිරීමට බස්නායක නිලමේවරයා ඇතුළු පෙරහැර කමිටුව පියවර ගැනීම ඊට ප්‍රධාන හේතුව විය.
මෙම තීරණයත් සමඟ දෙවිනුවර නගරයේ පක්ෂ සහ විපක්ෂ ලෙස විරෝධතා හටගත් අතර, සිද්ධිය අර්බුදකාරී තත්ත්වයකට පෙරළිණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කාංජිපානි ඉම්රාන්’ ලෙස හඳුන්වාගත් පුද්ගලයකු, සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබානුදුනහොත් එය නිලමේවරයාගේ අවසන් පෙරහැර වන බවට බස්නායක නිලමේ තිළිණ මධුශංකට මරණීය තර්ජන එල්ල කරන හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
ඊට ප්‍රතිචාර වශයෙන් ‘දෙහිගෙදර බාලේ මල්ලී’ නමැති තවත් සංවිධානාත්මක අපරාධකරුවකු, කාංජිපානි ඉම්රාන්ට අභියෝග කරමින් හඬපටයක් නිකුත් කළේය. පසුව දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට එල්ල වූ වෙඩි ප්රහාරයක වගකීම ද ඔහු විසින් භාරගන්නා ලදී.
ලැබුණු බුද්ධි තොරතුරු සහ පැවැති තත්ත්වය සලකා බලමින්, පොලිස්පතිවරයා විසින් ජූලි 26 වැනිදා මාතර මහ දිසාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබුණේ 06 වැනි පේළි පෙරහැරෙන් කාවඩි අංශය ඉවත් කරන ලෙසයි.
කෙසේවෙතත්, පසුව පැනවූ අදාළ තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.
(උපුටාගැනීම – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart