
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න නැවත වරක් පත්කර තිබේ.
ඔහු 2024 සිට 2025 දක්වා කාලය සඳහා නිතරඟයෙන් තේරී පත්වී ඇත.
එසේම, සංගමයේ ලේකම්වරයා ලෙස, චතුර ගල්හේනද නිතරඟයෙන් තේරී පත් වී තිබේ.
මෙම ධූර දෙක සදහා වෙනත් නාමයෝජනා ඉදිරිපත් වී නොතිබු බැවින් ඔවුන් දෙදෙනා නිතරගයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙහි නව සභාපතිවරයා සහ ලේකම්වරයා 2024 මාර්තු 23 දින පැවැත්වීමට නියමිත සංගමයේ 50 වැනි සමුළුවේදී නිල වශයෙන් නැවත තනතුරු භාරගනු ඇතැයි වාර්තා වේ.
නීතීඥ සංගමයේ ලේකම්, ඉසුරු බාලපටබැඳි, ඔහුගේ වසර දෙකක ධූර කාලය සම්පූර්ණ වූ පසු ධූරයෙන් ඉවත්වන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart