
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය පිළිකාව සඳහා ලබාගත් Chemotherapy ප්‍රතිකාර සාර්ථකව අවසන් කළ බව ඉකුත් දා නිවේදනය කළ බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය පළමුවරට ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ 42 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය සිය සැමියා වන විලියම් කුමරු සහ රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගය අසල Crathie Kirk පල්ලියේ පෙරේදා පැවැති දේව මෙහෙයකට සහභාගී වී සිටි බවයි.
ඔවුන්ගේ මෝටර් රථය පදවාගෙන ආ විලියම් කුමරු අසල ඉදිරිපස අසුනේ සිටි කේට් කුමරිය ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසට සුහද සිනහවකින් සංග්‍රහ කළ බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
තද කොළ පැහැති පුළුල් දාර සහිත හිස් වැසුමක් පැළඳ සිටි කේට්, පැත්තකින් පිහාටු සහිත දුඹුරු පැහැති කබායක් පැළඳ සිට තිබේ.
චාල්ස් රජු සහ කැමිලා රැජින ද වෙනම මෝටර් රථවලින් පල්ලියට යන ආකාරයේ ඡායාරූප විදෙස් ජනමාධ්‍ය ඔස්සේ පළකර ඇත.
තමා පිළිකා රෝගයකින් පෙළෙන බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පළමුවරට හෙළිකළේ ඉකුත් මාර්තු මාසයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart