
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කතරගම ප්‍රදේශය තුළ විශේෂ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත සඳහන් කර ඇත්තේ, ජුනි මස 15 වන දින සිට 30 වන දින දක්වා දිවෙන පෙරහැර සමය තුළ නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන් කඩිනමින් නීතිය හමුවට පැමිණවීම සඳහා මෙම සංචාරක අධිකරණය කතරගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම, පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රදේශයේ සියළුම මත්පැන්හල් වසා දැමීමට ද තීරණය කර ඇත. ඒ අනුව එම කාලය තුළ නීතිවිරෝධී මත්පැන් පෙරීම, ළඟ තබා ගැනීම, විකිණීම සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පුද්ගලයන් වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන මෙම සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය වැටළීම්වලට අමතරව, පෙරහැර නැරඹීමට සහ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය නීති කඩකිරීම්, භාණ්ඩ වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරාකෑම, සොරකම්, මංකොල්ලකෑම් මෙන්ම ගිනිඅවි ජාවාරම් ඇතුළු ඕනෑම ආකාරයක නීතිවිරෝධී සහ සාමයට බාධා වන ක්‍රියාවල නිරතවන තැනැත්තන් ද වහාම අත්අඩංගුවට ගෙන මෙම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart