
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීර සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනුව, කාශ්මීර නිම්නයට මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් සංචාරකයින් එකොළොස් ලක්ෂයකට අධික පිරිසක් පැමිණ තිබේ.
ඒ අතරින් 22,612 විදේශීය සංචාරකයින් බව එම දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම ජූනි මාසයේ සිට විදේශීය සංචාරකයින්ගේ පැමිණීම් තවදුරටත් ඉහළ යනු ඇතැයි නිලධාරීහු අපේක්ෂා කරති.
රට මේ වන විට දැඩි උෂ්ණ කාලගුණයක් සමඟ පොරබදමින් සිටින අතර, ප්‍රාන්ත කිහිපයක් ගිම්හාන නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.
එබැවින් සැලකිය යුතු සංචාරකයින්ගේ පැමිණීමක් කාශ්මීරය වෙත සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
දැනට කාශ්මීරයේ ප්‍රධාන සංචාරක ගමනාන්තවල සියලුම හෝටල් ජුනි 15 දක්වා සම්පූර්ණයෙන්ම සංචාරයකයින් විසින් වෙන් කරවා ඇති බව ද ඉන්දීය පවසයි.
නවතම සංඛ්‍යා ලේඛණ අනුව කාශ්මීර බලධාරීන් පවසන්නේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 11.5 ක් එහි පැමිණ ඇති බවයි.
සාපේක්ෂව ගත් කළ 2023 දී සංචාරකයින් මිලියන 21.1 ක්, 2022 දී මිලියන 18.8 ක්, 2021 දී මිලියන 11.3 ක් සහ 2020 දී මිලියන 3.4 ක් කාශ්මීර නිම්නය නැරඹීමට පැමිණ ඇතැයි ඔවුන් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart