
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානයේ පෙරේදා (30) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයකු වෙඩිවැදී බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ පුත්තලම පාවට්ටාමඩුව පදිංචි 40 හැවිරිදි ජයන්ත රෝහන නමැති අයකු බව පොලිසිය පවසයි.
තබ්බෝව ධීවර ගම්මානයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩනඟා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව පොලිසිය පවසන්නේ වෙඩිතැබීම සිදුකළ සැකකරු මෙයට පෙර අදාළ කාන්තාව සමඟ අනියම් ඇසුරක් කාලයක් පුරා පවත්වගෙන ගොස් තිබූ නමුත් කාන්තාව මෙම සැකකරු මඟහැර වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
අදාළ කාන්තාවගේ විවාහක සැමියා නොමැති බවත් ඇය දෙදරු මවක් බව ද පොලිසිය පවසයි.
මෙම කාන්තාව කළින් අනියම් ඇසුර පවත්වාගෙන ගිය පුද්ගලයා මගහරිමින් සිටීම හේතුවෙන් කෝපයට පත් එම සැකකරු මෙම කාන්තාව මේ වන විට අනියම් ඇසුර පවත්වාගෙන යන තැනැත්තා සමඟ ඔහුගේ යතුරුපැදියෙන් තබ්බෝව ප්‍රදේශයට ගොස් රාත්‍රියේ නිවසට පැමිණෙන විට සැඟවි සිටි සැකකරු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
වෙඩි තැබීම සිදුව අවස්ථාවේ කාන්තාවද සිට ඇති නමුත් ඇයට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත්, කාන්තාව සමඟ සිටි මේ වන විට අනියම් ඇසුර පවත්වාගෙන යන තැනැත්තාගේ දෑත් දෙකටම වෙඩි වැදීමේන් බරපතළ තුවාල සිදුව ඇති බව ද පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබීමට කොටන තුවක්කුවක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
වෙඩි තැබීම සිදු කළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart