October 25, 2026

සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වන අනෝජන් සිවරාසාගේ සිරදඬුවම සහ දඩ මුදල අඩුකර ගැනීම සඳහා වන අභියාචනා නඩු විභාගය හෙට (26) පැවැත්වීමට නියමිතය.

ඔහුට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කරනු ලැබුවද, වසර පහක සිරදඬුවම සහ සෞදි රියාල් මිලියන 3ක දඩ මුදල තවදුරටත් බලාත්මකව පවතී.

හෙට පැවැත්වෙන නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් සෞදි අරාබියේ නීතිඥ සමාගමක සහාය ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මූලික ගෙවීම ලෙස රියාල් 115,000ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 10ක් පමණ) ගෙවා ඇත.

අනෝජන් වෙනුවෙන් හොඳම නීතිමය නියෝජනය ලබාදීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර තිබේ.