
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී ඇති සාමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වහාම පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු වන කරූ ජයසූරියගේ නායකත්වයෙන් යුත් සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.
ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයට (සමගි ජන බලවේගය) අයත් නොවන කණ්ඩායම්වලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් කළ යුතු වුවද අදාළ පුරප්පාඩුව තවමත් පුරවා නැත.
නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය සඳහන් කරන්නේ පසුගිය කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මතුව ඇති ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් සළකා බලා අදාළ පුරප්පාඩුව කඩිනමින් පිරවීම වැදගත් බවයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩුවක් පවතී. එවැනි තීරණාත්මක පත්වීමක් පුරවා නොතිබීම අවුල් සහගතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතීත තීරණ හේතුවෙන් පැන නගින ගැටලුකාරී තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, මෙම පත් කිරීම තවදුරටත් ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු යැයි අපි විශ්වාස කරමු.” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
කථානායක, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ වගන්ති සංශෝධනයකින් තොරව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
අදාළ පුරප්පාඩුව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිතදත්තන් යෝජනා කර තිබූ අතර, ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවට පත්වූ මන්ත්‍රීවරුන් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කර තිබිණි.
කෙසේවෙතත්, අදාළ මන්ත්‍රී කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නොතිබීම හේතුවෙන් ඔවුන්ගෙන් කිසිවෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර නොතිබිණි.
කථානායක අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, විපක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ සිවිල් සමාජය නියෝජනය කරන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart