
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු වෙනුවෙන් වෙනත් නඩුවකට පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ එම පරීක්ෂණය අද යළි කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
එහිදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ සිතාසියකට අනුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න
සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ අධිකරණයේ පෙනී සිටියේය.
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ තේජිත කෝරලගේ පෙනී සිටි අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ජනාධිපති නීතීඥ රියන්සි අර්කුසලරත්න ” මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකදී මා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. එම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කපිල චන්ද්‍රසේනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් මැයි මස පස්වනදා ඇප ලබා දුන්නා. ඇප ලබාදීමෙන් පසුව මම උසාවියේ හිර කූඩුව අසලට ගිහිල්ලා කපිල චන්ද්‍රසේනට ඇප කොන්දේසි ගැන පැහැදිලි කලා. පසුව මැයි මස 06 වනදා ඇප ලබා පිටව ගිය බව ඔහු මට දැනුම් දුන්නා. මැයි මස 07 වනදා කපිල චන්ද්‍රසේනව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා කියලා මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා. ඉන් පසුව ඔහු මට කතා කළා වගේ මතකයි. මම කිව්වා වහාම අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා. එදා සවස 7.00 විතර උද්ගත වෙලා තිබෙන තත්ත්වය ගැන අරවින්ද ද සිල්වා මහතා දුරකථන ඇමතුමක් අරගෙන මට කතා කළා. මම කිව්වා මේක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න බැහැ ඇවිල්ලා හම්බවෙන්න කියලා. ඉන් පසුව පැයකින් හෝ පැය එකහමාරකින් පසුව අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පුද්ගලයින් කීප දෙනෙකු මගේ නිල මැදිරියට ආවා. එහිදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ දුරකථනයෙන් මම කපිලට කතා කළා. මම ඔහුට උපදෙස් දුන්නා වහාම අධිකරණයට ඉදිරිපත්වීම අවශ්‍ය බවට.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂි දෙමින් පැවසුවේය.
ඉන් අනනතුරුව ජනාධිපති නීතිඥවරයාගේ කනිෂ්ඨ නීතිඥවරයා වන නීතිඥ උදාර මුහන්දිරම්ගේ ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් එම සාක්ෂිකරු කියා සිටියේ කපිල චන්ද්‍රසේනට ඇප තැබීමෙන් පසුව ඇපකරුවන්ගේ ලේඛන අධිකරණය කාර්යාලයට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට සහාය වන ලෙස කපිල චන්ද්‍රසේන මහතා තමන්ට උසාවි සිරකුටියේ සිට දැනුම්දුන් බවයි.
ඒ අනුව තමන්ගේ ජේෂ්ඨ නීතිඥවරයාගේ උපදෙස් මත ඇපකරුවන්ගේ ලේඛන කාර්යාලයට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට සහාය වූ බව ඔහු සඳහන් කළේය.
” පසුව මැයි මස 07 වනදා දහවල් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව. එදා දවල් දෙකට දෙකහමාරට විතර කපිල චන්ද්‍රසේන මට දුරකථනයෙන් කතා කරලා ජනාධිපති නීතිඥවරයා හමුවන්න වෙලාවක් ඉල්ලා සිටියා. පසුව එදා රාත්‍රී අරවින්ද ද සිල්වා මහතා ,ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් අපගේ නිල මැදිරියට ආවා” යනුවෙන් පැවසුවේය.
ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඩී. එම්. සිලෝගම සාක්ෂි දෙමින් ” ඉකුත් මැයි මස 8 වනදා උදෑසන අරවින්ද ද සිල්වා මහතා මූලස්ථානයට කතාකර දැනුම් දී තිබුණා නිවසේ පුද්ගලයෙකු ගෙල වැලලා මියගොස් තිබෙන බවට. ඒ අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මා එම ස්ථානයට පිටත් කළා. පසුව මමත් එම ස්ථානයට ගියා. එම නිවසේ අරවින්ද ද සිල්වා ,ඔහුගේ බිරිඳ සහ තවත් නීතිඥවරයෙකු සිටියා. පසුව මා අපරාධ ස්ථානයට ගමන් කළා. එම ස්ථානයේ බෙල්ලේ පටියක් සිරකරගෙන පුද්ගලයෙකු වැටි සිටින ආකාරය දුටුවා. එම පටියේ කොටසක් දොරේ ද තිබුණා. ඒක ලා නිල් පාට පටියක්. මේ පුද්ගලයාගේ හිස පුටුවක් මතයි තිබුණේ. මේ කාමරයට ඇතුළු වීමට එක් දොරක් තිබුණා. ජනෙල් හතරක් තිබුනත් ඒවාට ඇතුළින් අගුළු දමා තිබුණා. පසුව මා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරින්, ඇගිලි සලකුණු පරීක්ෂකයින් ගෙන්වා විමර්ශන ආරම්භ කළා. පසුව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් මත මේ විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණා” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 09 වනදා දක්වා කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart