May 13, 2026

සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ අගුළ විවෘත කර විමර්ශන සඳහා පොලිසියට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ‘Apple’ ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට නියම කළේය.

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත වන්නේ ඔහුගේ මුහුණේ දර්ශනයට වන හෙයින්, අදාළ ජංගම දුරකථනයේ අගුලු විවෘත කර ගැනීම සඳහා ඔහුගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය කළ පංචපුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ අවසර සහිතව කපිල චන්ද්‍රසේනගේ මෘතදේහයේ මුහුණට සමීප කළද, ජංගම දුරකථනයේ අගුල විවෘක නොවූ බව පවසමින් කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.