
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක් ඇතිවීමෙන් පසු අද (26) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙතෙක් පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන නොමැති බව පොලිසිය පවසයි.
මහලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාන පහක බෝම්බ සඟවා ඇති බවට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබුණු විද්‍යුත් තැපෑලක් අනුව මෙහෙයුම ආරම්භ විය.
ඒ අනුව, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් නිල සුනඛ අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුම සිදු කෙරිණි.
සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව පොලිසිය තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart