
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර, වෙට්ටුමකඩේ ප්රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සැකකරුවන් විසින් භාවිත කරන ලදැයි සැක කෙරෙන මෝටර් රථය තෙබුවන, නෑබඩ ප්රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
පොලිස් වාර්තාවලට අනුව, අදාළ වාහනය සොයාගෙන ඇත්තේ තෙබුවන, නෑබඩ උප තැපැල් කාර්යාලය අසල දමාගොස් තිබියදීය.
අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩේ ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් හෝ පුද්ගලයකු මෙලෙස වෙඩි ප්රහාරයක් එල්ල කර තිබිණි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
වෙඩි තැබීමෙන් පසු පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart