
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වීම නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් මේ වන විට අසරණ වී ඇති බව වාර්තා වේ.
කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන ජනතාව සිය රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ කහවත්ත රෝහලටයි.
මෙම රෝහලේ දී සතියට දින හයක් අක්ෂි සායන පත්වන අතර, දිනකට සැත්කම් 150ක් 200ක් අතර සංඛ්‍යාවක් සිදු කර තිබේ.
අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මස විදේශගත වීම නිසා අක්ෂි රෝගීන් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, එම රෝගීන් ඉල්ලා සිටින්නේ මෙම රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු ලබාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart