
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චානිමා විජේබණ්ඩාරගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇය භාවිත කළ එම මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරියට මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 16 වැනිදා පියවර ගෙන තිබේ.
කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය ඇතුළු නිලධාරිනියන් කීපදෙනකු පසුගිය 16 වැනිදා තම කොමිෂන් සභාව වෙත ගෙන්වා කරන ලද මූලික විමර්ශනයකින් අනතුරුව එකී පියවර ගෙන තිබේ.
ලැබුණු පැමිණිලි කීපයක් අනුව එම අධිකරණය හමුවේ කැඳවනු ලබන නඩු ගොනු 16ක් ද ගෙන්වා ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබූ අධිකරණ සේවා කොමිෂන් සභාව එකී නඩු ගොනු පරීක්ෂා කිරීමේදී යම් යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට එකී මූලික විමර්ශනයේදී අනාවරණය වීම නිසා එකී පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව කළ නියෝගය අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය කඩුවෙල පොලිසියේ නිලධාරීන් ඉදිරියේදී එම මුද්‍රා තැබීම සිදුකර ඇත.
කෙසේනමුත් අද (19දා) අධිකරණයට පැමිණ සිය පෞද්ගලික ලිපි ලේඛන පොත්පත් ඇතුළු පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගන්නා ලෙසට චානිමා විජේබණ්ඩාට දැනුම් දී තිබූ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇය පැමිණියහොත් මුද්‍රා ඉවත් කොට ඒ සඳහා අවසර ලබාදෙන ලෙසටත් අනතුරුව නැවත මුද්‍රා තැබීමට පියවර ගන්නා ලෙසටත් අධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කොට ඇත.
මුද්‍රා තැබූ අවස්ථාවේ සිට පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි එම නිල මැදිරියට පූර්ණ පොලිස් ආරක්ෂාවක් සැපයීමට පියවර ගන්නා ලෙසටත් කොමිෂන් සභාව වැඩිදුරටත් නියෝග කොට තිබේ.
මූලික විමර්ශන අවසන් කිරීමෙන් පසුව අද හෝ හෙට (20දා) ඇතුළත චානිමා විජේබණ්ඩාරට එරෙහිව එල්ල වී ඇති චෝදනා කුමක්දැයි සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කොට ඇතැයි පැවැසේ.
කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ මහෙස්ත්‍රාත් නිල මැදිරියට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යෙදවීම හා මහෙස්ත්‍රාත්වරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සියලු සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ද විශේෂ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබිණි.
රට තුළ මහත් කතාබහට ලක්වූ යෝෂිත රාජපක්ෂ – ඩේසි ෆොසෙට් නඩුව, පාර්ලිමේන්තුවේ ගෘහ සේවා අංශයේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ නඩුව ඇතුළු සුවිශේෂි නඩු රැසක් මෑත කාලයේදී එම අධිකරණය හමුවේ කැඳවා තිබිණි.
කලක් නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී රජයේ අධිනීතිඥවරියක ලෙස කටයුතු කළ චානිමා විජේබණ්ඩාර මහෙස්ත්රාත්වරියක ලෙස පත්වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කීපයක කටයුතු කළ පළපුරුදු මහෙස්ත්රාත්වරියකි.
අශෝභන සිද්ධියක් ඇගේ වැඩ තහනමට මුල් වී ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රවෘත්තිය සත්‍ය නොවන බව විමර්ශන අංශ ප්‍රකාශකයෙක් පැවසීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart