
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල ප්‍රදේශයේදී බස් රථ රියදුරකු සමඟ ඇති කරගත් ගැටුමකින් පසු, යතුරුපැදියක් බස් රථයකට යටවී ඇදී යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනකු බදාදා (10) කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි, සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනවලින් මුලින්ම පෙනීගියේ බස් රථයක් යතුරුපැදියක් යට කරගෙන ධාවනය වන ආකාරයකි.
කෙසේවෙතත්, පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා බස් රථයේ රියදුරු සමඟ ඇති කරගත් බහින්බස් වීමකින් පසුව බස් රථය ලුහුබැඳ ගොස් ඇති බවයි.
පසුව හේනවල රෝහල අසලදී බස් රථය හරස්කර නවත්වා, ඔවුන්ගේ යතුරුපැදිය ද එතැන දමා, බස් රථයට ගොඩවී රියදුරුට දරුණු ලෙස පහර දී ඇත.
එම අවස්ථාවේදී අසරණ වූ රියදුරු බස් රථය ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී, යතුරුපැදිය බස් රථයේ යට කොටසේ රැඳී ඇදී ගොස් මෙම අනතුර සිදු වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක්වූ බස් රථ රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති පොලිසිය, ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
අඹේපුස්ස සහ මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර ජාතික රෝහල වෙත යොමුකර මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart