
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රටකට පාර්සලයක් යොමුකිරීමට ගිය තැනැත්තියකට කඩවත තැපැල් කාර්යාලය අදාළ පහසුකම නොමැති බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එම පාර්සලය කිසිදු ආරක්ෂක පියවරකට යටත් නොකර සාමාන්‍ය තැපෑල ඔස්සේ යැවීමට සිදු වූ පුවතක් වාර්තා වේ.
සිද්ධිය මෙසේයි.
කාන්තාවක් ඊයේ(11) පෙරවරු 11ට පමණ කඩවත තැපැල් කාර්යාලය වෙත පැමිණ තිබුණේ විදේශ රටක සිටින හිතවතෙකුගේ අවශ්‍යතාවක් මත පාර්සලයක් යොමුකිරීම සඳහාය.
පාර්සලය ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යයට යොමු කිරීමට නියමිතව තිබී ඇත.
අදාළ පාර්සලය ලියාපදිංචි තැපෑල හෝ ආරක්‍ෂිත ක්‍රමවේදයකට යොමු කරන්නේ කෙසේදැයි එම කාන්තාව කවුළුවෙන් කළ විමසීමකදී කවුළුවේ සේවයේ නිරතව සිටි තරුණ සේවකයා ප්‍රකාශ කර ඇත්තේ ලියාපදිංචි ක්‍රමවේදයට යොමුකළ හැක්කේ ලිපි පමණක් බැවින් එම කවුළුවෙන් පාර්සලය බාර ගත නොහැකි බවත් ගුවන් තැපැල් ක්‍රමය ඔස්සේ යැවීමට අදාළ කවුළුව වෙත යොමුවන ලෙසත්ය.
ඒ අනුව එම කාන්තාව තරුණියක සේවයේ නිරතව සිටි අදාළ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේ එහි සිටි තරුණිය දිගු දුරකථන සංවාදයකින් පසු පාර්සලය කිරා බලා පසුව ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යයට එය යැවිය නොහැකි බව දන්වා ඇත.
ඊට හේතුව ලෙස තරුණිය ප්‍රකාශ කර ඇත්තේ Express mail service සපයන තමා සතුව ඇති ලැයිස්තුවට ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යය ඇතුළත්ව නොමැති බවයි.
” ඒ රට අපේ ලිස්ට් එකකවත් නැහැ. ඒ නිසා මේක යවන්න භාරගන්න බැහැ” යන්න ඇයගේ පිළිතුර වී තිබිණි.
එය යොමුකළ හැකි වෙනත් ක්‍රමයක් හෝ විකල්පයක් පවා ඉදිරිපත් කිරීමට එම තරුණිය සමත් වී නැත.
තරුණියගේ මතය වී තිබුණේ බොහෝ දුරට පාර්සලය යැවීමට නොහැකිවනු ඇති බවය.
අදාළ පාර්සලය යොමුකළ හැකි වෙනත් ආරක්‍ෂිත ක්‍රමවේදයක් ඇත්තෙම නැද්දැයි කාන්තාව විමසූ විට තරුණිය ප්‍රකාශ කර ඇත්තේ තමන් එය නොදන්නා අතර කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය අමතා උපදෙස් ලබා ගන්නා ලෙසයි.
එය සිදුකළ යුතු වන්නේ සේවකයා නොවේදැයි සිතමින් පසුව එම කාන්තාව කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් කළ විමසීමකදී දන්වා තිබුණේ කිලෝග්‍රෑම් 2ක් දක්වා වන බරක් සහිත පාර්සලයක් ඕනෑම රටකට යොමුකිරිම සඳහා ගුවන් තැපෑලට භාර ගන්නා බවයි.
ඒ බව දැන්වූ පසුව ද එලෙස භාරගැනීමේ ක්‍රමවේදයක් නොදැන සිටි කඩවත තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලය කාන්තාවට දන්වා ඇත්තේ පාර්සලය සාමාන්‍ය තැපෑල හරහා යොමුකිරීමට භාරගත හැකි බවයි.
එම අවස්ථාවේ තවත් සේවකයකු දන්වා ඇත්තේ එලෙස සාමාන්‍ය තැපෑල හරහා යොමුකරන දේ අස්ථානගත වීමේ ඉඩක් ද බවයි.
කෙසේවෙතත් විකල්පයක් නොවූ තැන අදාළ කාන්තාවට සිදුව තිබුණේ තැපැල් ගාස්තු ලෙස රුපියල් 2165ක මුද්දර අලවා එම පාර්සලය කිසිදු ආරක්ෂාවක් නොමැතිව සාමාන්‍ය තැපෑල වෙත භාරදීමයි.
මෙහිදී මතුවන ගැටළු කිහිපයක් තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදෙන කුමන හෝ ලිපියක් හෝ භාණ්ඩයක් අස්ථානගත විය හැකි බව සේවයකන්ම පවසන්නේ නම් තැපෑලේ ඇති විශ්වසනීයත්වය කුමක්ද ?
කොළඹ ප්‍රධාන තැපැල් හුවමාරුව දන්නා නීතිරීති කඩවත තැපැල් ස්ථානය නොදන්නේ කාගේ වරදින්ද ?
එවැනි අවස්ථාවක අදාළ සේවය සපයා ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලය අමතා උපදෙස් ලබාගත යුත්තේ පැමිණෙන සේවාදායකයාද ?
තැපැල් සේවකයන් සිටින්නේ ජනතාව ගැටලුව විසඳාගෙන ඔවුන් වෙත පැමිණි පසු අදාළ පාර්සලය භාරගැනීමට පමණක්ද ?
එවැනි අවස්ථාවක් හැසිරවීමට හෝ නොදන්නා තැපැල් ස්ථානාධිපතිනියන් එම තනතුරුවලට පත්වන්නේ කෙසේද ?
තැපැල් ස්ථානයකින් ලබාදෙන සේවා පිළිබඳ ජනතාව දැනුවත් කළ යුත්තේ තැපැල් සේවකයන් නොවේද ?
මෙවැනි සේවකයන් සිටියදී වත්මන් තැපැල් සේවාව තවදුරටත් දියුණු කිරීම සිහිනයක්ම පමණක් වනු ඇති අතර ජනතාව තැපෑලෙන් ඈත්වීම සම්බන්ධයෙන් ද පුදුම විය යුතු නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart