May 12, 2026

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ආවරණය කෙරෙන පළමු අදියරේ ඉදිකිරීම් 48%ක් අවසන් වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

2027 ආරම්භය වන විට කඩවත අන්තර් හුවමාරුව අවසන් කිරීමටත්, 2028 මැද භාගය වන විට කඩවත-මීරිගම මාර්ගය අවසන් කර මහජනතාවට පවරා දීමටත් සැලසුම් සකස් වෙමින් පවතින බව එම අමාත්‍යාංශය පැවසීය.

මෙම කොටස අවසන් වූ පසු, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගය හරහා මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වේ.

එමඟින් බාධාවකින් තොරව ජාතික අධිවේගී මාර්ග ජාලයක් නිර්මාණය වන බව අමාත්‍යාංශය පැහැදිලි කළේය.

වරාය ප්‍රවේශ මාර්ගය නිම කිරීමෙන් පසු මහජනතාවට අධිවේගී මාර්ග හරහා කොළඹ, කටුනායක, කුරුණෑගල සහ මත්තල වෙත පහසුවෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේය.