
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලපත්‍රයක් නොමැතිව මැණිකක් රුපියල් මිලියන 500කට විකිණීමට උත්සාහ කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු සහ තවත් දෙදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලබුකැලේ ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි සැකකරුවන් තිදෙනා මැණික විකිණීමට සැලසුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණු ඔත්තුවක් මත ගැනුම්කරුවකු ලෙස පෙනී සිටිමින් උපාය දූතයකු යවා කේවල් කර මැණිකේ මිල රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන 01 දක්වා අඩු කර ගෙන තිබේ.
මැණික සැබෑ වටිනා ගලක්ද නැතහොත් ව්‍යාජ එකක්ද යන්න පිළිබඳ වාර්තාවක් සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කරන බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු 40ත් 50ත් අතර පසුවන සැකකරුවන් වත්තේගම සහ මඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මැණික් ගනුදෙනු කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සැකකරුවන් සතුව නොතිබූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart