August 8, 2024

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන ඇමැතිධුර ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය යටතේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කර එය සිදුකළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සිය තනතුරුවලින් ඉල්ලා අස්විය.