
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙම්මනි සමූහ මිනීවළ පරීක්ෂණවලට අදාළව මහාචාර්ය රාජ් සෝමදේව ඉදිරිපත් කළ අධිකරණ පුරාවිද්‍යා වාර්තාවේ සොයාගැනීම් සහ මරණවලට හේතු විය හැකි කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයක් හටගෙන තිබේ. එමගින් මතු වූ මතභේදාත්මක තත්ත්වය පැහැදිලි කිරීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ.
එම වාර්තාව වෛද්‍ය-නීතිමය තක්සේරුවක් නොවන බවත්, දැනට පවතින අධිකරණ ක්‍රියාදාමයන්හිදී අනෙකුත් අධිකරණ වෛද්‍ය සහ විමර්ශන වාර්තා සමඟ එය සලකා බලනු ලබන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අවධාරණය කළේය.
චෙම්මනි සමූහ මිනීවළේ සිදු කළ කැණීම්වල අදියර කිහිපයක් හරහා පුද්ගලයන් ආසන්න වශයෙන් 574 දෙනකුගේ මිනිස් අස්ථි කොටස් සොයාගෙන ඇති බව ද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
යාපනය මහේස්ත්‍රාත්වරයා, විවිධ පාර්ශ්වයන්ගේ නීති නියෝජිතයන්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි (JMO) වෛද්‍ය ප්‍රණවන් සෙල්ලයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඉදිරියේ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මෙම කැණීම් සිදුකළ බව අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රියාවලිය නීතිමය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් අඛණ්ඩව අධීක්ෂණය කරන අතර, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද අදාළ පනතේ 12(d) වගන්තිය යටතේ නිරීක්ෂකයකු ලෙස ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින බව ඔහු පැවසීය.
මහාචාර්ය සෝමදේවගේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති හර්ෂණ නානායක්කාර පැහැදිලි කරන ලද්දේ, රාජ් සෝමදේව අධිකරණ වෛද්‍ය විශේෂඥයකු නොවන බවත්, ඔහු වෛද්‍ය-නීතිමය වාර්තාවක් නිකුත් කර නොමැති බවත්ය.
“ඔබේ ප්රශ්නයේදී ඔබ ඇහුවා ‘වෛද්‍ය-නීතිමය වාර්තාවක් නිකුත් කිරීමට රාජ් සෝමදේවට වෘත්තීය සුදුසුකම් තිබේද?’ කියලා. නැහැ, ඔහුට එවැනි සුදුසුකමක් නැහැ, ඔහු එවැන්නක් කවදාවත් නිකුත් කරලත් නැහැ. ඒ නිසයි ඔබම නොමඟ ගිහින් තියෙන්නේ, මම ඔබට පැහැදිලි කරන්නම්. ඔහු කවදාවත් එවැනි වාර්තාවක් නිකුත්කර නැහැ, ඔහු සතුව ඇත්තේ පුරාවිද්‍යා වාර්තාවක්. මහාචාර්ය රාජ් සෝමදේව විසින් සකස් කර ඉදිරිපත් කරන ලද වාර්තාව අධිකරණ පුරාවිද්‍යා වාර්තාවක් . එනම් මිනිස් අස්ථි කොටස් මිහිදන් කර ඇත්තේ කොහේද, කෙසේද සහ කුමන තත්ත්වයන් යටතේද යන්න පරීක්ෂා කරන වාර්තාවක්. මෙය වෛද්‍ය-නීතිමය වාර්තාවක් නොවේ. මරණයට හේතුව සහ සිදු වූ ආකාරය අධිකරණ ක්‍රියාදාමයන්ට අනුකූලව සුදුසු අවස්ථාවේදී වෛද්‍ය-නීතිමය විමර්ශන හරහා පරීක්ෂා කරනවා” යැයි ඔහු පැවසීය.
මිනිස් අස්ථි කොටස් පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවක් සකස්කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්රණවන්ට සහ යාපනය ශික්ෂණ රෝහලේ ඔහුගේ කණ්ඩායමට උපදෙස් දී ඇති අතර, එම කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය. මහේස්ත්‍රාත්වරයා විසින් සලකා බලනු ලබන වාර්තා කිහිපයෙන් එක් වාර්තාවක් පමණක් මහාචාර්ය සෝමදේවගේ වාර්තාව බව ඔහු අවධාරණය කළේය.
“රාජ් සෝමදේවගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයා බලන වාර්තාවලින් එකක් පමණයි. මහේස්ත්රාත්වරයාට එක වාර්තාවක් මත පදනම්ව නියෝගයක් දෙන්න බැහැ, ඔහු සියලුම වාර්තා, අනෙකුත් විමර්ශන වාර්තා බලනවා. රාජ් සෝමදේවගේ වාර්තාව තමයි එකම වාර්තාව කියලා හිතාගෙන ප්‍රශ්න පටළවාගෙන තියෙනවා, එහෙම දෙයක් නැහැ” යැයි ඔහු පැවසීය.
පුරාවිද්‍යාත්මක සොයාගැනීම් දෙමළ ප්‍රජාවට එරෙහිව එල්ල වූ ඒවා බවට මතුවන අදහස් ඇමැති හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කළ අතර, මෙම වාර්තාව අධිකරණ ක්‍රියාදාමයන් සඳහා විද්‍යාත්මක තොරතුරු සැපයීම අරමුණු කරගත් වෘත්තීය තක්සේරුවක් ලෙස විස්තර කළේය. අතුරුදහන්වූවන්ගේ පවුල් නියෝජනය කරන නීතිඥයන් විසින් මතුකරන ලද විරෝධතාවලින් අනතුරුව, මහාචාර්ය සෝමදේවගේ වාර්තාව නඩු වාර්තාවට ඇතුළත් කරන ලෙසත්, එහෙත් එය ස්වාධීනව ක්‍රියාත්මක නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ ස්වාධීන අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට හෝ ඊට පහසුකම් සැලසීමට රජය විධිමත් ලෙස එකඟ වී නොමැති බවත්, අධිකරණය ඉදිරියේ පාර්ශ්වකරුවන් විසින් එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එහෙත්, අධිකරණය විසින් හඳුනාගන්නා අවශ්‍යතා මත පදනම්ව, විශේෂයෙන් DNA විශ්ලේෂණය, මිනිස් අස්ථි කොටස් හඳුනාගැනීම සහ වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා අන්තර්ජාතික තාක්ෂණික සහ අධිකරණ වෛද්‍ය සහාය ලබාගැනීමට රජය කැමැත්තෙන් සිටින බව ඔහු කීය.
“අපට සත්‍යය සොයාගන්න අවශ්‍යයි, අපට යුක්තිය අවශ්‍යයි. ඒක නිසි විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ විමර්ශනයක් හරහා සිදුකළ යුතුයි. ජාතිය, ආගම, කුලය මේකට අදාළ නොවිය යුතුයි, රජය ඒ විදිහට හිතන්නෙත් නැහැ” යැයි ඇමැති හර්ෂණ නානායක්කාර පැවසීය.
සත්‍යය තහවුරු කිරීමටත්, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීමටත් විද්‍යාත්මක හා සාක්ෂි මත පදනම් වූ ක්‍රියාවලියක් සහතික කිරීමට රජය කැපවී සිටින බව පවසමින්, අමාත්‍යවරයා චෙම්මනි විමර්ශන දේශපාලනීකරණය නොකරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
“දේශපාලන වාසි සඳහා වාර්ගික ආතතීන් යොදාගැනීම පැරණි ක්‍රමයක්. එය කරනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් යුක්තිය ඉටුකර ගැනීමට සහ මෙම කාරණයට නිමාවක් ගෙන ඒමට අපි මෙය විද්‍යාත්මකව සහ නිසි පරිදි කරනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart