
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ උණ රෝග කිහිපයක් පැතිර යන බැවින් මහජනතාව දැනුවත්කිරීම ඉතා වැදගත් බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රිසිලා සමරවීර කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
උණට ප්‍රතිකාර සඳහා පැරසිටමෝල් පමණක් ගන්නා ලෙසත්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව වෙනත් ඖෂධ ගැනීමෙන් වළකින ලෙසත් අය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.
අධික උණ, හිසරදය, ශරීර කැක්කුම, සන්ධි වේදනාව සහ ඔක්කාරය ඇති වුවහොත්, දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගු රෝගයෙන් වැළඳී තිබේදැයි පරික්ෂා කරගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.
ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානය විසින් ජුනි 30 සිට ජූලි 5 දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව ඇය නිවේදනය කළාය.
පවතින නිරිතදිග මෝසම් වැසි නිසා මදුරුවන් බෝවීම වැඩිවීම හේතුවෙන්, පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇති ඇය සඳහන් කළාය.
දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය කොට්ඨාශවල වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111ක නැවත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා තුරන්කිරීම සඳහා අදාළ කණ්ඩායම් අධිඅවදානම් සහිත ප්‍රදේශවලට පැමිණීමට නියමිතය.
එහිදි මදුරුවන් අභිජනන ස්ථාන නොසැළකිලිමත් ලෙස පවත්වාගෙන යන පුද්ගලයන් හට රතු නිවේදන නිකුත් කරනු ලබන අතර, ඊට අමතරව නීතිමයද ගනු ලබන බව ඇය පැවසුවාය.
මේ අතර, වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,775 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආශ්රිත මරණ 24 ක් වාර්තා වී ඇති බව වෛද්‍ය සමරවීර වාර්තා කළාය.
මේ වන විට එක් ළමා මරණයක් වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගීන්ගෙන් 45% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වලින් බව ඇය තවදුරටත් පැවැසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart