
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල සහ කඳාන ප්‍රදේශවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අයත් රුපියල් කෝටි 16ක දේපොළ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් රජයට පවරාගෙන ඇත.
කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට සහ බොරැල්ලේ ජුන්ඩා යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපොළ මෙසේ පවරාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
බොරැල්ලේ ජුන්ඩා නමැත්තාට අයත් සුවිසල් නිවාස 3ක්, සුඛෝපභෝගි මෝටර් රථ 2ක් මෙසේ පවරාගෙන ඇත.
ඊට අමතරව කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට අයත් රුපියල් කෝටි 6ක් වටිනා සුවිසල් නිවසක් රජයට පවරාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව මෙම දේපොළ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව හෙළිකර ගැනීමෙන් අනතුරුව ඒවා පවරා ගැනීමට කටයුතු කර ඇත.
බොරැල්ලේ ජුන්ඩා නමින් හඳුන්වන පුද්ගලයා මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර, කඳානේ කොණ්ඩ අජිත් ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව පොලිසිය පවසයි.
මෙම දේපොළ පවරා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රාජසන්තක කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart