
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක පමණ වීදි වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට ප්‍රශංසා කර තිබේ.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී හෂිෂ් සහ කොකේන් කිලෝග්‍රෑම් 17.5ක් මෙන්ම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පාර්සල් තැපෑලෙන් එවා තිබූ කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.2ක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සමඟ එක්සත් ජනපදය අරමුදල් සපයන හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලාංකික නිලධාරීන්ගේ කුසලතා වැඩිදියුණු වීම සහ ඔවුන්ගේ කැපවීමටත් සාර්ථකත්වයටත් ගෞරවය පුද කරමින් තානාපතිවරිය සමාජ මාධ්‍යවල සටහනක් තබා තිබේ.
එම සහයෝගිතාව මගී සහ භාණ්ඩ පාලන වැඩසටහන යටතේ වූ අතර එමගින් දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පුහුණුව සහ උපකරණ සපයයි.
ආසියාව සහ අමෙරිකාව අතර උපායමාර්ගික ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස මෙම නීති විරෝධී ජාවාරමට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වීම මෙම සහයෝගීතාවේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart