
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්වී තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක වෙත ජුලී චන්ග් සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart