
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපක්ෂපාතී විනිසුරුවන් අපකීර්තියට පත්කිරීමේ අඛණ්ඩ උත්සාහයක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.
මෑතකදී අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ මීට උදාහරණ බවද එම සංගමය පෙන්වාදෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අධිකරණයට එරෙහිව සිදුකළ ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පහළ අධිකරණවල දූෂණ ක්‍රියා සිදුවන බව සඳහන් කළේය.
කෙසේවෙතත් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය පෙන්වාදෙන්නේ, මෙවැනි ප්‍රකාශ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇති කළ හැකි බවයි.
අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart