
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාව මහාධිකරණ විනිසුරුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම පිණිස වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් දැඩි ආරක්ෂාව යටතේ 25 දා යාපනය මහාධිකරණය වෙත පැමිණියේය.
මානික්කවාසගම් විනිසුරුවරයාට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේද ආරක්ෂාව සලසා දී තිබිණි.
නඩු විභාගයට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා පැමිණීමට පෙර සිටම යුද හමුදා නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂාවක් සලසා තිබිණි.
2017.07.22 දින එවකට යාපනයේ මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චෙලියන් අධිකරණ කටයුතු හමාර වී සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටියදී පිස්තෝලයක් රැගෙන පැමිණි පුද්ගලයකු විනිසුරුවරයාට වෙඩිතැබීමට තැත්කළ විට විනිසුරුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා වෙඩි ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ එම සැරයන්වරයා වෙඩි ප්‍රහාරයට ලක්ව මියගියේය.
හලාවත ප්‍රදේශයේ පදිංචි හේමචන්ද්‍ර නැමති එම පොලිස් සරයන්වරයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව පිස්තෝලය සමග පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා දැනට වවුනියාව මහාධිකාරණ විනිසුරු ලෙස කටයුතු කරණ මානික්කවාසගම් ඉලන්චෙලියන් පැමිණ සිටියේය.
මෙහිදී සාක්ෂි දෙමින් මහාධිකරණ විනිසුරුවරයා, වෙඩිතැබීම සිදු වූ ආකාරය පැයක පමණ කාලයක් විස්තර කළේය.
මේ නඩුව යාපනය මහාධිකරණයේදී තවදුරටත් විභාග වෙමින් පවතී.
විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් මියගිය සැරයන් හේමචන්ද්ගේ පවුලේ සියලු කටයුතු මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් විසින් භාර ගෙන ඔවුන්ට නව නිවෙසක්ද ඉදිකොට දී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවද නිරන්තරයෙන්ම සොයාබැලීම විශේෂ සිද්ධියකි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart