
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ මුණුබුරකු වන ඉෂාන් ජයවර්ධන ප්‍රකාශ කළේය.
කළුතරදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම මේ බව අනවරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉෂාන් ජයවර්ධන, අද රටේ පැන නැගී ඇති ප්‍රශ්න සඳහා පාලකයන්ට විසඳුම් නැති බවත්, රට මේ වනවිට දැඩි ආර්ථික අගාධයකට හෙළා ඇති බවත් ප්‍රකාශ කළේය.
රටේ සෑම ක්ෂේත්රයක් සඳහාම විශේෂයෙන් සකස් කළ සැලසුම් තමන් සතු බවත්, ඒවා තාවකාලික සැලසුම් නොව රටට ඔබින ස්ථිර විසඳුම් බවත් හෙතෙම කීය.
තමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවද ඉදිරියේදී තවත් කණ්ඩායම් සමග සන්ධානගතවීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
රනිල් වික්රමසිංහද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් ඔබද ඉදිරිපත් වුවහොත් මෙවර ජනාධිපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් දෙදෙනකුම ඉදිරිපත් වනවා නොවේදැයි ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉෂාන් ජයවර්ධන, තමා සිතන ආකාරයට රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි ප්‍රකාශ කළේය.(මුලාශ්‍රය – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart