
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් උදෙසා සාධාරණය ඉටු කරන ලෙසත්, මාධ්‍යවේදීන් මරාදැමීම්, ඔවුන්ට එල්ල වූ ප්‍රහාර සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී මෙන්ම විශ්වාසනීය පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලමින් යාපනයේ ජනමාධ්‍යවේදීහු පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
යාපනයේ නිල උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා පැමිණ සිටින ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ දෙදින සංචාරයට සමගාමීව මෙම විරෝධතාව පැවැත්විණි.
මෙම සංචාරයේ එක් පියවරක් ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් උදෙසා පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණයකට ද නියෝජ්‍ය අමාත්‍යවරිය සහභාගී වීමට නියමිතව තිබිණි.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම ගැන විරෝධය පළකරමින් සහ ඒ පිළිබඳ සුදුසු පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්, යාපනය ජනමාධ්‍ය සමාජයේ (Jaffna Press Club) සාමාජිකයන් නියෝජ්‍ය අමාත්‍යවරියගේ මෙම උත්සවය වර්ජනය කර මෙම විරෝධතාවට එකතු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart