
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ හමුදාව වෙනුවෙන් භාවිත කරන වාක්‍ය ඛණ්ඩයක් විකට නළුවකු ලිහිල්ව සඳහන් කරමින්, කරන ලද විහිළුවක් චීන රජයේ කෝපයට හේතුවී තිබේ.
මේ නිසා අදාළ විකට නළුවා සේවයේ යෙදවූ විනෝදාස්වාද ආයතනයකට ඩොලර් මිලියන 02කට වැඩි දැවැන්ත දඩයක් නියම කිරීමට චීන රජය පියවර ගෙන ඇත.
අධික ලෙස වාරණයට ලක් වූ චීනයේ දේශපාලනය හෝ හමුදාව සිනහවට ලක්කෙරෙන්නේ කලාතුරකිනි. ඒ අනුව මෙවැනි සුළු විහිළුවක් පවා සිදුකරන විකට නළුවන් පාගා දැමිය යුතු බව මෙම මිල අධික දඩුවම අවධාරණය කරයි.
ලී හඕෂි නම් මෙම විකට නළුවාගේ වේදිකා නාමය ‘හවුස්’ ලෙස හැඳින්වේ.
පසුගිය සති අන්තයේ බීජිං හි සෙන්චරි රඟහලේදී ඔහුගේ විකට සංදර්ශනයේදී මහජන විමුක්ති හමුදාව (PLA) හා සම්බන්ධ වාක්‍ය ඛණ්ඩයක් භාවිත කිරීමෙන් පසු, මේ සතියේ ඔහුව බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.
මෙහිදී ඔහු නියෝජනය කරන විනෝදාස්වාද සමාගම වන Shanghai Xiaoguo Culture Media සමාව අයැද සිටියද, රජය විසින් අදාළ දඩය පනවමින් ලී හඕෂිගේ සියලුම රංගනයන් අවලංගු කර ඇත.
බදාදා බීජිං නාගරික සංස්කෘතික හා සංචාරක කාර්යාංශය පවසා ඇත්තේ, සමාගමේ අනුබද්ධ ආයතනයකට ඩොලර් මිලියන 1.91 ක දඩයක් නියම කරන බවත්, එය නීති විරෝධී ලෙස උපයාගත් ලාභයක් ආපසු අයකරගැනීමක් බවත්ය.
ලී හඕෂිගේ ප්‍රකාශය ඔස්සේ හමුදාවට “බරපතල ලෙස අපහාස” කිරීම සහ “නරක සමාජ බලපෑම ඇති කරන” බවට චෝදනා එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart