June 5, 2026

සමගි ජන බලවේගයේ බලංගොඩ ආසනයේ හිටපු සංවිධායක සුරංග මැනික් විජේතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලංගොඩ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු විශේෂ හමුවකදී, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වෙතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

පක්ෂයේ දේශපාලන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකෙරුණු මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියහ.

ඒ අතර පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ සහ සී.බී. රත්නායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරාළ සහ ජයන්ත කැටගොඩ ද වූහ.