June 2, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරිට සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බැද්දර පද්මේ’ නමැත්තාට අයත් බව කියන, ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් (කන්ටේනර්) දෙකක් සඟවා තැබීම සහ මිද්දෙනිය ප්‍රදේශයේදී ගිනිඅවි ළඟ තබා ගැනීම යන චෝදනා මත සම්පත් මනම්පේරි පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මුලින්ම අත්අඩංගුවට පත්විය.