
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානය සමග පවතින දරුණු ගැටුම් මධ්‍යයේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද උදෑසන ඊශ්‍රායලයට ගොඩබැස්සේය.
හමාස් සංවිධානයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඊශ්‍රායලය සමග සමීපව සිටින බව ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත විය.
බෙන් ගුරියන් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බයිඩන් පිළිගනු ලැබූ අතර, එහිදී නායකයෝ දෙදෙනා අතට අත දී වැළඳ ගත්හ.
නෙතන්යාහු සමඟ සකච්ඡා කිරීමට පෙර ප්‍රකාශයක් කරමින්, බයිඩන් කියාසිටියේ ගාසා නගරයේ ක්‍රිස්තියානින් විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක සිය ගණනක් මියගිය බවට ඇස්තමේන්තු කර ඇති මාරාන්තික පිපිරීමක් සම්බන්ධයෙන් තමා “දැඩි කණගාටුවෙන් හා කෝපයට පත් වූ” බවයි.
මෙම මාරාන්තික පිපිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල සහ පලස්තීන බලධාරීහු එකිනෙකාට චෝදනා කරමින් සිටිති.
මේ අතර පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ, මධ්‍යම ගාසා තීරයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 200ත් 300ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart