
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘දේවගැතිවරයකු’ ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, සිය ළමා කාලයේදී නත්තල් සමයේදී ඔවුන්ගේ නිවෙස්වලට දිදුලන බැබළීමක් ලබාගැනීමට තම මව ‘කාඩිනල්’ සන්නාමය සහිත පොලිෂ් වර්ගයක් භාවිත කළ බවයි.
“නත්තල් සමය මට නොස්ටැල්ජික් මතකයන් ගෙන එයි. මගේ අම්මා බොහෝ විට නත්තල් සමයේදී මෙම වෙළඳ නාමය භාවිත කර අපේ ගෙදර බිම ඔප දමනවා. එය බිමට හොඳයි. මම මගේ මවගේ බුරුසුව මතට නැඟීමට අවස්ථාව ලබා ගත්තෙමි.” යැයි ඔහු සඳහන් කර ඇත.
මේ අතර පසුගිය දිනක කටුනායක ඩෝම් නමින් සාදාගත් පරිශ්‍රයේ පැවති උත්සවයකදී ජෙරොම් ප්‍රනාන්දු බිෂොප් පදවියට පත්වූ බව නිවේදනය කිරීම පුවතක් බවට පත්විය.
කෙසේවෙතත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ,ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා රදගුරු පදවියට අභිෂේක කිරීම, වලංගු නොවන සහ නොමඟ යවන සුළු ක්‍රියාවක් බවයි.
කතෝලික බැතිමතුන් අමතමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියාසිටියේ ජෙරොම් නැමැත්තා ශ්‍රී ලංකාව තුළ ආගමික ප්‍රජාවන් අතර භේදයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව විශාල වංචාවකට සම්බන්ධ බවද උන්වහන්සේ කියාසිටියහ.
ඇමරිකාවේ Global Apostolic Dioceses and Churches හි Synod විසින් තමන් බිෂොප්වරයකු ලෙස අභිෂේක කළ බවට ජෙරොම් ප්‍රනාන්දු පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවත්, එබැවින් පල්ලියේ සාමාජිකයන් නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනයද නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart