
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී අත්සන් කරන ලද ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ සම්පූර්ණ පිටපත ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පකිස්ථානයේ පවතින මාධ්‍ය නිදහසේ සීමාවන් වෙත ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර තිබේ.
‘Interesting Times with Ross Douthat’ නමැති පෝඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් උප ජනාධිපති වෑන්ස් ප්‍රකාශ කළේ, ඇමෙරිකාවට මෙම ගිවිසුම ජූනි 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය වුවද, එය සිදු කිරීමට හැකි වූයේ ඉන් දින දෙකකට පසුව බවයි.
“අපට ඇත්තටම මෙය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය වුණා. මෙහිදී ඇති වූ නොගැලපීමට එක් හේතුවක් නම් පකිස්ථාන සහ කටාර් පද්ධතීන් තුළ අප සතු ‘පළමු ව්‍යවස්ථා සංශෝධනය’ හෝ මාධ්‍ය නිදහස වැනි දේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි.”
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘පළමු ව්‍යවස්ථා සංශෝධනය’ යනු එරට මූලික අයිතිවාසිකම් පනතේ ප්‍රධාන කොටසකි.
එමඟින් රජය විසින් පුරවැසියා සතු මූලික නිදහස් පහක් උල්ලංඝනය කිරීම වළක්වයි.
විශේෂයෙන්ම, රාජ්‍ය ආගමක් පිහිටුවීම, මාධ්‍ය වාරණය කිරීම, පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම, සාමකාමීව රැස්වීමේ අයිතිය හෝ රටේ සිදුවිය යුතු වෙනස්කම් සඳහා රජයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය අහුරන නීති පැනවීම මෙමඟින් රජයට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
උප ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පකිස්ථානය වැනි රටක මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක පිටපතක් ජනතාවට කියවීමට, ප්‍රශ්න කිරීමට හෝ විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රසිද්ධ කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවයි.
“එබැවින්, ඇමෙරිකානු ජනතාවට මෙය කියවා, ප්‍රශ්න කර, විශ්ලේෂණය කර තේරුම් ගැනීම සඳහා මෙම ලේඛනය වහාම පොදු ජනතාව අතට පත්වනු ඇතැයි යන බලාපොරොත්තුව එම පද්ධතීන් තුළ නැහැ. නමුත් මෙය ඉක්මනින්ම ජනතාව අතට පත් වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart