
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රැකියා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාදීම,විගමණික සේවක සේවිකාවන් ඇගයීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්කර කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර අප්‍රේල් 05-06 යන දෙදින ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මැදිහත්වීමෙනි.
‘ජයගමු ශ්‍රී ලංකා’ රට පුරා යන ජංගම වැඩසටහන සඳහා සහභාගි වන්නැයි එම අමාත්‍යංශය ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත සේවා සහ රැකියාවල නියැලෙන, දෙස් විදෙස් රැකියා අපේක්ෂිත පුරවැසියන් වෙත විවෘත ආරාධනයක් කර තිබේ.
‘ජයගමු ශ්‍රී ලංකා’ මීර පෙර වැඩසටහන පසුගිය සති අන්තයේ පැවැත්වුණේ වවුනියාව දිස්ත්‍රික්කයේදීය.
වවුනියාව ගාමිණී මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙවර වැඩසටහනට වවුනියා දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් රැකියා අපේක්ෂිතයන්, රැකියා උපදේශනය හා දිරිගැන්වීම් අවැසි පාර්ශ්ව සහ විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දූ දරුවන්, පාසල් සිසු සිසුවියන් සමග රජයේ ආයතන නියෝජනය කරන නිලධාරීහු විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
මෙහිදී කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර විසින් මෙහෙයවන ලද පාසල් සහ තරුණ දරුවන් සහභාගි වූ ‘ස්මාට් යූත් ක්ලබ්’ අදියරක් ද ක්‍රියාත්මක විය.
විදේශ රටවලට යවන බවට පොරොන්දු වී මුදල් ඉල්ලා සිටින කිසිදු පාර්ශ්වයකට මුදල් ලබා දී නොරැවටෙන ලෙසත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස කටයුතු සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
විගමනික ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අගය කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ඇස් කන්නාඩි ලබා දීම සහ කාර්යාංශයේ අවස්ථා කීපයකදීම ලියංපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 6 දෙනෙකු ඇගයීමට ලක්කරමින් මුදල් ත්‍යාග ලබා දෙන්නට මෙහිදී කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart