
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ද්‍රවිඩ සිනමාවේ මසාලා රසට මම හරිම කැමතියි. ක්‍රිස්ටෝපර් නොලාන්ගෙ, වොන් කා වයිගේ චිත්‍රපටි බලද්දි අපේ අවදි වෙන තාර්කික මොළය දෙමළ කෙල්ලන්ගෙ ලස්සනටද මන්දා අපිට අමතක වෙලාම යනවා. අන්නාමල පිචර් එකේදි සින්දුවක් ඉවර වෙද්දි මනුස්සයෙක් කොහොමද බන් කෝටිපතියෙක් වෙන්නෙ කියල අපිට අහන්න හිතෙන්නෙ නැහැ. සිවාජි පිචර් එකේ රජිනි අත්දෙක විසි කළාම 60ක් විතර විසි වෙන්නෙ කොහොමද කියල අපි අහන්නෙ නැහැ.
අනිච්ඡානුගතව විසිල් එකක් ගැහෙන රිදම් එක ෆුල්ම ආතල්. මේ සුන්දර රැවටීමේ පාරාදීසයට ආසියානු රිදිතිරයේ ප්‍රේමයේ ජීවමාන රජුගේ සම්ප්‍රාප්තිය ඊයේ ඉඳන් ප්‍රේක්ෂක ඇස්මත දිගෑරෙනවා.
ශාරුක්ගේ සුන්දර ප්‍රේමවන්තයාගේ භූමිකාව අහෝසි වෙද්දි ශාරුක් තදබල උත්සහයක් දැරුවා ඒක දිගටම අල්ලන් ඉන්න. ඒත් ටොම් කෲස්ට, රජිනිකාන්ත්ට තියෙන ඒ වචනෙකින් හඳුන්වන්න බැරි ප්‍රේක්ෂක ආකර්ෂණය ශාරුක්ට ආවේ නැහැ. ශාරුක්ගේ ගණන් හැදිල්ල වැරදුණා.
ඒත්, පතාන්වලින් පටන් ගත්ත ශාරුක්ගේ දෙවනි ගමනට ජවාන් කියන්නෙ මට අනුව ඓතිහාසික මූව් එකක්. තමන්ම සිලෙක්ට් කරන ඩිරෙක්ටර් කෙනෙක්ට එන්න කියල ඔයා මං වෙනුවෙන් කතාවක් කරන්න බජට් එක ගැන හිතන්න එපා කියලා ගත්ත රිස්ක් එකෙන් ශාරුක් දිනුම්.
රස කේක් එකකට පජාත අයිසිං දාලා අර රස කේක් එක කටේ තියන්න බැරි අත්දැකීම් අපිට තියෙනවානෙ. අන්න ඒ වගේ නොවී අදටත් ගෑණු ඇස් විනාඩි දෙක තුනක් තමන් මත රඳවගන්න තරම් මහ බලගතු ආකර්ෂණයක් තියෙන මේ සුපිරි තරුව මතට වෛවර්ණ සිනමාවේ පුරෝගාමීත්වය වන දෙමළ සිනමාවේ විචිත්රත්වය ආරෝපණය කරල හිරගෙදරක ඉන්න කෙල්ලො සෙට් එකකුයි කොල්ලෙකුයි මහල්ලෙකුයි ළඟ අපිව පැය තුනක් විතර සිහින ලෝකෙක නිමග්න කරගන්න පුළුවන් කියන්නෙම
මේ මනුස්සයට කිං ඛාන් කියන්නෙ කට කහනවට නෙවෙයි!
(කලණ වීරසිංහගේ ෆේස්බුක් වෝලයෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart