
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින තරගාවලිය සදහා පාකිස්ථානයට එරෙහි තරගයේදි ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
එ අනුව නේපාලය සමග අද පැවැත්වෙන තරගයට බුම්රා එක්නොවනු ඇත.
පෞද්ගලික හේතුවක් මත ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහුගේ තරගාවලියේ ඉදිරි තරග සහභාගිත්වය පිළිබඳ නිශ්චිත සදහනක් වාර්තා වි නොමැත.
නේපාලය සහ ඉන්දියාව අතර තරගය පස්වරු 03ට පල්ලෙකැලේ ක්රීඩාංගණදී ඇරඹේ.
බුම්රා වෙනුවට මොහොමඩ් සමී හෝ ප්‍රසිද් ක්‍රිෂ්ණා අද ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ඇත.
පාකිස්ථානය සමග තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා මෙම තරගය ජයගැනීම ඉන්දියාව සිදුව තිබේ.
ඒ අනුව සුපිරි 04 දෙනාගේ වටයේදී පාකිස්ථානය සහ ඉන්දියාව යළි ලබන 10 වැනිදා තරග වැදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart