
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2011 වසරේ සිදුවූ ෆුකුෂිමා ව්‍යසනයෙන් පසු රට නැවත න්‍යෂ්ටික බලාගාරයට යොමුවීමේ සන්ධිස්ථානයක් ලෙස, ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමේ තීරණයක් සඳුදා ජපානයේ නීගාටා කලාපය විසින් අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටෝකියෝවේ සිට කිලෝමීටර් 220 ක් (සැතපුම් 136) පමණ වයඹ දෙසින් පිහිටි Kashiwazaki-Kariwa න්‍යෂ්ටික බලාගාරය, චර්නොබිල් බලාගාරයට පසු ඇති වූ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන ෆුකුෂිමා බලාගාරය අඩපණ කිරීමෙන් පසු වසාදැමූ ප්‍රතික්‍රියාකාරක 54 න් අතරින් එකකි.
එතැන් සිට, ජපානය ආනයනික පොසිල ඉන්ධනවලින් ඉවත් වීමට උත්සාහ කරමින් සිටී.
ටෝකියෝ විදුලි බල සමාගම මගින් Kashiwazaki-Kariwa බලාගාරය මෙහෙයවීමට සූදානමින් සිටියි.
ෆුකුෂිමා වැනි අනතුරක් නැවත කිසිදා සිදුනොවන බවටත්, නීගාටා වැසියන්ට කිසිදා එවැනි දෙයක් අත්විඳීමට නොහැකි වනු ඇති බවටත් දැඩි ලෙස විශ්වාස කරන බව එම සමාගමේ ප්‍රකාශක මසකට්සු ටකාටා පවසයි.
එමෙන්ම අදාළ සමාගම සිය මෙහෙයුම් හමුවේ මෙම වසර මුලදී පදිංචිකරුවන්ගේ සහයෝගය දිනාගැනීමට උත්සාහ කරමින් සිටින බව පැවසූ අතර, ඉදිරි වසර 10 තුළ නිගාටා ප්‍රාන්තයට යෙන් බිලියන 100ක (ඩොලර් මිලියන 641ක්) ආයෝජන ගෙනඒමට කටයුතු කරන බවට ද පොරොන්දු වී ඇත.
ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ප්‍රාන්තය විසින් ප්‍රකාශයට පත්කරන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ නිගාටා හි පදිංචිකරුවන්ගෙන් 60%ක් න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කැමැත්ත ලබාදී න්නොමති බවයි.
එමෙන්ම බලාගාරය යළි ක්‍රියාත්මක කිරීම ගැන 70%කට ආසන්න පිරිසක් කනස්සල්ලට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart