August 6, 2023

සිනමාව කර්මාන්තයක් විදිහට දකින අයට අදහසක් ගන්න ලියාතියන්නම් මේ ටික….

මේ අවුරුද්දේ කොලිවුඩ් සිනමාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් සහිත පිචර් දෙක මේ මාසේ 10 වෙනිදා සහ ඔක්තෝම්බර් 19 රිලීස් වෙනවා. ජේලර් සහ ලියෝ.

ජේලර් රජිනිගෙ ලියෝ විජේගේ. කොහොමද ඉන්ඩස්ට්‍රි එක ඇතුළෙ හයිප් එක හදන්නෙ කියල බලන එක පට්ට interesting. මුලින් රිලීස් වෙන්නෙ ජේලර් වුණත් කැම්පේන් එක පටන් ගන්නෙ ලියෝ. විජේ සිගරට් එකක් කටේ තියන් නටනවා කියල මුලින්ම ලියෝ ෆිල්ම් එක ගැන ලොකු කතිකාවක් ගොඩ නගනවා. ඒ උණුසුම බැහැලා යද්දිම ෆිල්ම් එකේ සන්ජේ දත් ඉන්නවා කියල රිවීල් කරනවා. එතන ඉඳන් කතිකාව හැරෙන්නෙ මේකත් ලෝකේශ්ගේ LCU (Lokesh Cinema Universe) එක ඇතුළෙ තියෙනවද කියල. මේ ඔක්කොම වෙනකල් සුපර් ස්ටාර් කිසි සද්දයක් බද්දයක් නැහැ.

ජේලර් එන්න සති දෙකක් වගේ තියල එයාලා වැඩේ පටන් ගන්නව. මුලින්ම තමන්නාගේ පිස්සු හැදෙන ස්ටෙප්ස් ටික තියෙන සින්දුව රිලීස් කරනවා. ජේලර් audio launch එක සිකුරාදා තිබ්බා. හෙට දායි youtube එකේ.

එතනදි ජේලර් නිෂ්පාදක SunTv හිමිකරු කතාවෙදි කියනවා ‘මම බය නැතුව කෝටි 200ක් රජිනිට ගෙවනවා. මොකද රජිනි කියන්නෙ record breaker කෙනෙක් නෙවෙයි record maker කෙනෙක්. එක එක අය බලන් ඉන්නවා සුපර් ස්ටාර් පට්ටම අරගන්න. ඒත් ආත්ම 7ක් ගියත් එකම සුපර්ස්ටාර් රජිනි විතරයි’ කියල

රජිනිගෙ කතාවේ රජිනි ජේලර් හදන නෙල්සන්ගේ කලින් පිචර් එක බීස්ට් ෆ්ලොප් වෙන්න හේතු කියනවා.
කලින් ෆ්ලොප් එකක් හදපු නිසා නෙල්සන් එක්ක ෆිල්ම් එකක් හදන්න එපා කිව්වා කියල අඳුරන අය කිව්වා කියල කියනවා.
බීස්ට් එක විජේගේ. මේ කතා දෙක නිසා විජේගේ ප්‍රේක්ෂකයන්ට දැන්ම හිත රිදිලා.

ඒ ඔක්කොටම හපන් ජේලර් එකේ සින්දුවක කියනවා,

“මෙයාගේ තැන හොරකම් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා
සුපර්ස්ටාර් පට්ටම හොරකම් කරන්න සිය ගාණක් ඉන්නවා
හැබැයි පොඩ්ඩක් ඔළුව උස්සලා වටපිට බැලුවම පණ දෙන්න කෝටි ගාණක් ඉන්නවා” කියල.

විජේගේ ෆෑන් බේස්ගේ සුපිරියටම ඇවිලිලා ඉන්නෙ. එයාලා කියන්නෙ මේ ඔක්කොම විජේට ගහපු හින්ට් කියල.

මීට අවුරුදු ගාණකට කලින් රජිනි විසින් විජේට ඉන්න කෝටි ගාණක ෆෑන් බේස් එක ගැන කියපු කතා ඔක්කොම youtube එකේ උඩට ඇවිල්ලා. විජේ තමන්ගේ රසිකයන් වෙනුවෙන් කරපු කියපු හොඳ ඔක්කොම ආයෙත් උඩට ඇවිල්ලා.

දැන් රිදම් එක කැරකෙන්නෙ 10 වෙනිදට රජිනිගේ ෆෑන්ස්ලා ඔක්කොම මැරිලා හරි ෆිල්ම් එක බලන්න ඕන කියල.
සහ එන්න නියමිත ලියෝට වඩා ආදායමක් ජේලර් එකට අරන් දෙන්න ඕන කියල.

ජේලර් උපයන ආදායම බලලා ලියෝ කැම්පේන් එක කරයි ඊට වඩා ආදායමක් අපි උපයමු කියල.

ෆිල්ම්ස් දෙකේම ඉන්නවා youtube සහ tv interview ගියාම මිනිස්සු කැළඹෙන කතා කියන චරිත දෙකක්. ඒ දෙන්නව දාලා දැනටම වැඩේ නැගලා යනවා.

පොංගල් රිලීස් එක විජේ අජිත් දෙන්නා එකට කළාට දෙකම හිතපු තරම් හයිප් වුණේ නැහැ.
ප්‍රධාන හේතුව විජේගේ වාරිසු ගොබ්බ කතාවක් කියල ඕඩියන්ස් එක ප්‍රතික්ෂේප කරපු එක. දැන් කොලිවුඩය සූදානම් ඊළඟ තුරුම්පු ආසියෝ දෙන්නා බස්සන්න.

LPL එක ගැන දැනට වැඩිම viral වුණේ ඊයේ චාමිකයි කුසලුයි දාගත්ත වලිය. මැච් එක ග්‍රවුන්ඩ් එකේ බලපු නිසා කියන්නෙ. ඊළඟ බෝලේ මාරු වුණ ගමන් කුසල් ළඟට ගිහිල්ලා හිනා වෙලා චාමික එක්ක කතා කළා. ඒක TV එකේ ඒක පෙනුවෙ නැහැ. සන්ජේ දත්ලා සම්බන්ධ වෙලා ඉන්න නිසා LPL එකේ එහෙම ඒවා වෙනවා ඇති.

අපේ සිනමාව කර්මාණ්තයක් විදිහට හැදුනොත් එහෙම ආතල් එකක් ප්‍රේක්ෂකයන් විදිහට අත්විඳින්න අපිට වාසනාවක් ලැබෙයි.

(කලණ වීරසිංහගේ ෆේස්බුක් වෝලයෙන්)