
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ රුසියානු ජාතික කාන්තාවක් ජාවාරම් කිරීම සහ ගණිකා වෘත්තිය සඳහා යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වූ ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට පැනවූ වසර හතක සිරදඬුවම, ඔවුන්ගේ දරුවන්ගේ අසරණ තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය විසින් වසර හතරක් දක්වා අඩුකර ඇත.
කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව විත්තිකරුවන් වන බිරිඳ සහ ස්වාමිපුරුෂයා විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමින්, පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම සැමියා සහ බිරිඳ 2019 සහ 2020 අතර කාලය තුළ අදාළ රුසියානු ජාතික කාන්තාව වංචනික ලෙස මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියට යෙදවීම සහ ඊට අනුබල දීම යන චෝදනාවලට වරදකරුවන් වී තිබිණි.
මහාධිකරණය මගින් ඔවුන්ට චෝදනා තුනකට බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවම් සහ දඩ මුදල් ද නියම කර ඇත.
අභියාචනාධිකරණයේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ, විත්තිකරුවන් සිරගත වීම නිසා ඔවුන්ගේ දරුවන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි.
පළමු විත්තිකාරියගේ හත්හැවිරිදි දියණිය ළමා නිවාසයකට යොමුකර ඇති අතර, ත්‍රීරෝද රථ රියදුරෙකු වන දෙවැනි විත්තිකරු පවුලේ එකම ආදායම් උපයන්නා වීම නිසා ඔහුගේ මව සහ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන නැගණියද දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ප්‍රකාශ වී තිබේ.
විත්තිකරුවන්ගේ දරුවන්ට හිමිව ඇති මෙම අවදානම්සහගත තත්ත්වය සලකා බලා සිරදඬුවම නැවත සලකා බැලීම සුදුසු බව නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා ද අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, කරුණු සලකා බැලූ අධිකරණය එක් එක් චෝදනාවට නියම කර තිබූ සිරදඬුවම බරපතළ වැඩ සහිත වසර හතරක් දක්වා අඩුකර ඇති අතර, මහාධිකරණය විසින් පනවන ලද දඩ සහ වන්දි මුදල්වල කිසිදු වෙනසක් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart