
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම නවෝත්පාදන ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කළ ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ TEJC අඹ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විෂයභාර ඇමැති මහින්ද අමරවීර පවසයි.
ව්‍යාපෘතිය යටතේ දැනට ඇඹුල් කෙසෙල් අක්කර 200ක සහ TEJC අඹ වගාව අක්කර 500ක සිදුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය සහ රාජාංගණ ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ සතියකට වරක් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 10,000ක් පමණ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කෙරේ.
“මේ ව්‍යාපෘති දෙකම ඉතා සාර්ථකයි. මෙම ව්‍යාපෘති දෙක තවදුරටත් පුළුල් කිරීමට අප තීරණය කර තිබෙනවා. අධික ඝනත්ව වගා ක්‍රමය යටතේ අපි එම වගා ක්‍රමය හඳුන්වා දෙන්නේ ගොඩබිම් ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබාගැනීම සඳහායි” යනුවෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ උතුරේ වී ගොවිතැනින් ප්‍රමාණවත් තරම් විශාල අස්වැන්නක් නොලැබුණු බැවින් අපනයනය කළ හැකි වෙනත් භෝග වගාකිරීමට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගත් බවය.
“අවශ්‍ය තාක්ෂණය, නව වගා ක්‍රම සහ වෙනත් භෝග සඳහා යොමුවීමට කැමති අයට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අපි සූදානම්. මේ අඹ සහ ඇඹුල් කෙසෙල් ව්‍යාපෘති දෙකම රටට ඩොලර් උපයන ඉහළම ව්‍යාපෘති බවට පත්වෙලා” යැයි ඇමැති අමරවීර පවසයි.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.
එහෙත් විශාල අඹ අස්වැන්නක් බලාපොරොත්තු වන බැවින් අඹවලට වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම පහත වැටීමට ඉඩනොදී පවත්වා ගැනීම සඳහා අඹ වගාව ව්‍යාප්ත කිරීමට අවධානය යොමු වී නොමැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart