
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරග පවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැණුනු ජැෆ්නා කින්ග් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා මේ මස 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (17) නියෝග කළේය. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ දුරකතන සංවාද පටිගත කර ඇති බව පැවසීය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.
“ස්වාමීනි, එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයන්ට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනකුට මෙම සැකකරු තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව අවන්හලකදී ක්‍රීඩකයන් හමුවී තරග හතරක් පාවාදීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන බව සැකකරු විසින් යෝජනා කර තිබෙනවා. මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම්දීමක් සිදුකළා. ඒ අනුව විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙසකට අනුව මෙම ක්‍රීඩකයන් එක් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 50000ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දුරකතන සංවාද පටිගත කර තිබෙනවා. වීඩියෝ දර්ශනත් තිබෙනවා. ඒවා අපි අද මුද්‍රාතබා අධිකරණයට ඉදිරිපත් කරනවා. රුපියල් ලක්ෂ 120ක ගනුදෙනුවක් පසුව රුපියල් ලක්ෂ 80ට අඩුකරලා ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 115කට එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් 16 දින කොළඹ ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළා. කළු පැහැති බෑග් එකක තමයි එම මුදල් රැගෙන ආවේ. එම බෑගයත් අධිකරණයට ඉදිරිපත් කරනවා.”
එම අවස්ථාවේ නිලධාරීන් විසින් මුද්‍රා තබන ලද මුදල් සහිත බෑගය අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු කිසිදු අල්ලස් මුදලක් ලබා දුන් බවට සාක්ෂි නොමැති බව පැවසීය. තවද සැකකරු විශාල මුදලක් රැගෙන ලංකාවට පැමිණ තිබෙන්නේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් බවද පැවසීය. එම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්හට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. නඩුකරය මේ මස 31දා නැවත කැඳවීමට නියමතය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart