
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝ ප්‍රකට භික්ෂුවක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ නිකරුණේ ගතකිරීමට පැය 12ක කාලයක් ගතකිරීමට සිදුවූයේ ආගමති දිනේෂ් ගුණවර්ධන නිසා නොව ගුවන් තොටුපොල හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හේතුවෙන් බව වාර්තා සඳහන් කරයි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැතිවරයා තායිලන්තය බලා පිටත්ව යෑමට ගුවන් තොටුපොල VVIP විවේකාගාරයේ රැඳීසිට ඇති අතර, අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් සහ නිමල් සිරිපාල ඇමැතිවරයාද ඒ මොහොතේ සිංගප්පුරු ගුවන් සේවයට අයත් යානයකින් වෙනත් ගමනාන්ත බලා පිටත්ව යෑමට සුදානමින් සිට ඇත.
එහිදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් සිය විෂයභාර ඇමැතිවරයාට ප්‍රමුඛතාව ලබාදීමට යෑම සහ නොසැළකිල්ල හේතුවෙන් මෙලෙස බ්‍රහ්මවන්සෝ හිමියන් අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර මෙම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමින් වාර්තාවක් කැඳවා ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart